අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා එළැඹෙන ජූලි 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා ප්‍රමාණවත් සුවිශේෂී කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බැවින්, ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවයි මහෙස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *