දිවයින පුරා පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සහ මර්දන කටයුතු කඩිනම් කිරීම සඳහා, දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538 ක් අධි අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, එම වාර්තාවට අනුව වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් බහුතරයක් මීට ඇතුළත්ව තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙහි බත්තරමුල්ල, මහරගම, පිළියන්දල, හෝමාගම, කඩුවෙල, බොරලැස්ගමුව, දෙහිවල, එගොඩඋයන සහ ගොතටුව වැනි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස රැසක ග්‍රාම නිලධාරී වසම් අධි අවදානම් සහිත බව හඳුනාගෙන තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, සීදුව, කැලණිය, රාගම, මිනුවන්ගොඩ, මීගමුව, බියගම, වත්තල, කටාන සහ මහර ඇතුළු ප්‍රදේශ රැසක ග්‍රාම නිලධාරී වසම් ද මෙම අවදානම් ලැයිස්තුවට එක් කර ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, මතුගම, පානදුර, වාද්දුව, කළුතර සහ පයාගල යන ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් ද ඇතුළත් කර තිබෙනවා.
ගාල්ල, හම්බන්තොට, මාතර, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම, බදුල්ල සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල පිහිටි ග්‍රාම නිලධාරී වසම් ද මෙම අධි අවදානම් ලැයිස්තුවට එක් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ
අදාළ ප්‍රදේශ පහතින්.















