උපරිමාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම ප්‍රමාද කිරීම තුළ මතුව ඇති ගැටලු පිළිබඳව ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග ගැන අද (24) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව, විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇති බවයි සමගි ජන බලවේගය සඳහන් කළේ.

මෙම හමුවේදී පාර්ලිමේන්තුව තුළ ඉල්ලා සිටි විවාදය ලබා නොදීමට ක්‍රියා කිරීම ගැන අවධානය යොමු කළ මන්ත්‍රී කණ්ඩායම, තවදුරටත් පාර්ලිමේන්තුව තුළ මේ සඳහා විරෝධය පළ කරන වැඩපිළිවෙළකට එකඟ වී තිබෙනවා.

උපරිමාධිකරණ විනිසුරු පුරප්පාඩු පිරවීමට දිගින් දිගටම බලපෑම් සිදු කිරීම, නීතියේ ආධිපත්‍යයට හා සාධාරණත්වයට එල්ල වී ඇති බරපතළ ප්‍රහාරයක් මෙන්ම රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා කටයුතු කිරීමක් බව මෙහිදී අවධානයට යොමු කෙරුණා. ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සැකසීමට මන්ත්‍රී කණ්ඩායම එකඟ වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *