ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල ගණන් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම නව මිල සංශෝධනයට අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් අඩු කර ඇති අතර, එහි නව සිල්ලර මිල රුපියල් 414 ක් වනු ඇති.

මීට අමතරව, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 25 කින් පහළ දමා තිබෙනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීටරයක් අලෙවි කෙරෙන නව මිල රුපියල් 382 ක්.

කෙසේ වෙතත්, සෙසු ඉන්ධන වර්ග වන ඔක්ටේන් 95 පෙට්‍රල්, ලංකා සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් වල කිසිදු වෙනසක් සිදු කර නොමැති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *