ආණ්ඩුව විසින් අත්තනෝමතික හා ඒකාධිපති පාලනයකට යාමට උත්සාහ කරමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

රජයේ ‘Clean Sri Lanka’ වැඩසටහන කොතෙක් දුරට හොඳ යැයි පැවසුව ද, මේ වන විට ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ආණ්ඩුව විසින් රට පිරිසිදුව පවත්වාගෙන යාම කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව ‘clean කරගෙන’ යන ආකාරයක් පෙනෙන්නට ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

ජනතාව, වත්මන් ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා ඡන්දය ලබා දුන් බවත්, එහෙත් රජය ඒ ලබාදුන් පොරොන්දු ඉටු නොකරන බවත්, ඉදිරි කාලසීමාව තුළ ඒවා තේරුම් ගෙන ජනතාව කටයුතු කරනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *