2027 වර්ෂයේ සිට ඉදිරියට, රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා නව විධිවිධාන සහ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව, අධ්‍යාපනය සඳහා සමාන හා සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු කිරීම, ක්‍රියාවලියේ විනිවිදභාවය වැඩි කිරීම සහ අක්‍රමිකතා අවම කිරීම මෙම නව ක්‍රියාමාර්ගයේ අරමුණ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන්ගේ අදහස් හා යෝජනා මෙන්ම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද සැලකිල්ලට ගනිමින් මෙම නව චක්‍රලේඛය සකස් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *