මත්ද්රව්ය තොගයක් ප්රවාහනය කරන බවට පන්නල පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව විශේෂ වැටලීමක් දියත් කර ඇත. මෙහිදී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම සඳහා නැවැත්වීමට පොලිස් නිලධාරීන් විසින් සංඥා කර තිබේ.
කෙසේ වෙතත්, පොලිස් අණ නොතකා අදාළ වාහනය පලා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් රථයට වෙඩි ප්රහාරයක් එල්ල කර ඇත. ඉන් අනතුරුව, රථයේ සිටි සැකකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දැක්වෙන වීඩියෝ දර්ශන 👉 මෙතනින් බලන්න.
