තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලීම නිශ්ප්රභ කිරීමට අද (12) නියෝග කර තිබේ.
මාලිගාකන්ද මහේස්ත්රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය ඉදිරියේ මෙම ඇප ඉල්ලීම කැඳවා ඇති අතර, එහිදී මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයා විසින් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත.
එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරිය විසින් අදාළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත
