එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට සුබපැතුම් එක් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (26) පෙරවරුවේ පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණ තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන වැඩිම භට කණ්ඩායම මෙය වන අතර ඔවුන්ට සුබපැතුම් එක් කිරීමට ජනාධිපතිවරයෙකු පැමිණි පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක් වන බවයි සඳහන් වන්නේ.‍ලෝකයේ කොතැනක සිටිය ද පීඩාවට පත් ජනතාවගේ ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සඳහා පෙනී සිටීමට සූදානම් හමුදාවක් ශ්‍රී ලංකාව සතු බව මෙමඟින් ලෝකයට කියාපාන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, එය රටට මහත් අභිමානයක් සහ ගෞරවයක් බව පවසා සිටියා.

එමෙන්ම අපිට ලෝකයේ පොහොසත්ම රට බවට පත්වීම අසීරු වුව ද, ලෝකයේ අභිමාවත් රටක් බවට පත්විය හැකි බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *