අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමාත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බව කියන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා” නැමති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු මැලේසියාවේ රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (25) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *