ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් 60ක් ඉලක්ක කර ගනිමින් නව ආනයන තීරු බදු පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ රටවලට 10% සහ 12.5% යන ප්‍රතිශතයන් යටතේ මෙම නව බදු පැනවෙනු ඇති.

මෙම වසර මුලදී විදේශීය භාණ්ඩ සඳහා හඳුන්වා දුන් තාවකාලික 10% ක බද්ද සිකුරාදා දිනයෙන් අවසන් වීමට නියමිතයි. ඉන් අනතුරුව ක්‍රියාත්මක වන මෙම නව බදු සංශෝධනය සඳහා එක්සත් රාජධානිය, චීනය, යුරෝපා සංගමය, කැනඩාව, ජපානය, ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු ප්‍රධාන ආර්ථික හවුල්කරුවන් 60 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

බලහත්කාර ශ්‍රමය භාවිත කරමින් නිපදවන භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමේ නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකරන සහ ඒ සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටවලට මෙහිදී 12.5% ක ඉහළ බද්දක් පැනවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

එහෙත්, ඇමෙරිකාවට භාණ්ඩ අපනයනය කරන යම් රටක්, බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කරන භාණ්ඩ තම රට තුළට ඇතුළු වීම වළක්වාලීමට කටයුතු කරන්නේ නම්, අදාළ රටවලට හිමිවන්නේ 10% ක අවම තීරු බද්දක් පමණයි.

ශ්‍රී ලංකා රජය විසින් පසුගිය ජූලි 10 වනදා ඊට අදාළ නීති බලගන්වමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා. එම කාලෝචිත පියවර හේතුවෙන්, මෙම නව බදු සංශෝධනයේදී ශ්‍රී ලංකාවට පැනවෙන්නේ 10% ක අවම තීරු බද්දක් පමණක් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *